2001 – Q 32

External Pharmacy Exam

A. ඇන්ජයිනා පෙක්ටෝරිස් යනු හෘද පේශී වලට රුධිර සැපයුම අඩුවීමෙන් ඇතිවන වේදනාවක් හෝ අපහසුතාවයකි. මෙය සාමාන්‍යයෙන් සිදුවෙන්නේ රුධිර වාහිනී රෝගයකින් (coronary artery disease) වේ. වැඩිපුර ව්‍යායාම කරන විට හා පීඩනයකින් සිටින විට හෘදයට වැඩිපුර ඔක්සිජන් අවශ්‍ය වේ. නමුත් කුඩා වූ coronary artery හරහා අවශ්‍ය තරම් ඔක්සිජන් ලබා නොදිය හැකි බැවින් ඇන්ජයිනා තත්ව ඇති වේ. Beta-blockers යනු ඇඩ්‍රිනලින් (adrenaline) ග්‍රහණකාරකවල (beta-adrenergic receptors) ක්‍රියාව නවත්වන ඖෂධ වේ. මේවා ප්‍රධාන වශයෙන් බලපාන්නේ හෘදය සහ රුධිර නාලිකා මතයි. Beta – blockers, හෘද ස්පන්දන අනුපාතය අඩු කිරීම, රුධිර පීඩනය අඩු කිරීම, හෘද සංගුනන ශක්තිය අඩු කිරීම සහ ව්‍යායාම හැකියාව වැඩි කිරීම මඟින් ඇන්ජයිනා වැළැක්වීමට උපකාරී වේ. ඒ අනුව, හෘදයේ වැඩ ප්‍රමානය සහ ඔක්සිජන් අවශ්‍යතාව අඩු කිරීමෙන් beta blockers, ස්ථිර ඇන්ජයිනා සඳහා ප්‍රථම පන්ති ප්‍රතිකාරයක් වශයෙන් භාවිතා වේ.

B.Timolol යනු තෝරාගැනීමකින් තොරව ක්‍රියාකරන beta blocker එකකි. එනම් එය බීටා-1 සහ බීටා-2 යන ග්‍රහණකාරක දෙකම අවහිර කරයි. එය eta blocker ඖෂධ කාණ්ඩයට අයත් වේ.

Timolol eye drops ලෙස භාවිතා වන අතර, ඇස් තුළ පිහිටා ඇති ciliary body තුළ ඇති බීටා ග්‍රහණකාරක අවහිර කිරීමෙන් aqueous humor නිපදවීම අඩු කරයි.

ඒ හරහා ඇස්පටල පීඩනය (intraocular pressure) අඩු කරයි. මෙය open-angle glaucomaසඳහා ඉතා වැදගත් වේ. නමුත්, ටයිමොලෝල් තෝරාගැනීමකින් තොරව beta 1 හා beta 2 මත ක්‍රියා කරන බැවින් එය පද්ධතිමය ලෙස ශරීරය තුළට යා හැකි අතර හෘදය හා ශ්වසන පද්ධතිය මත බලපාමින් අඩු රුධිර පීඩනය (Hypotension), හෘද ස්පන්දනය අඩු කිරීම (Bradycardia), ශවසනයේ අපහසුතාව (Bronchospasm — විශේෂයෙන් asthma හෝ COPD ඇති අයට) ඇති කළ හැක.

C. Bronchial asthma යනු ශ්වසන මාර්ගවල ඝනීභවනය සහ බිඳ වැටීම හේතුවෙන් ඇතිවන දිගුකාලීන රෝගයකි.

බීටා-ඇඩ්‍රෙනර්ජික් ග්‍රහණකාරක දෙකක් ඇත. එනම් බීටා-1: ප්‍රධාන වශයෙන් හෘදයේ, බීටා-2: ප්‍රධාන වශයෙන් ශවසන මාර්ගවල, විශේෂයෙන් bronchial smooth muscle තුළ පවතී. බීටා-2 ග්‍රහණකාරක අවහිර කිරීමෙන් bronchoconstriction (ශවසන මාර්ග සංකෝචනය) සිදුවෙයි.

මෙය asthma ලක්ෂණ වැඩි කිරීමක් හෝ severe asthma attack ඇති කරනු ඇත. ඒ නිසාම බීටා බ්ලොකර්ස්, විශේෂයෙන් non selective ඒවා, asthma රෝගීන් සඳහා contraindicated වේ.

D. Atenolol යනු beta-1අවහිරකාරකයෙකි. එනම් එය හෘදයේ පමණක් beta-1 ග්‍රහණකාරක වලට වැඩිපුර බලපායි.

මෙය භාවිතා කරන්නේ අධි රුධිර පීඩනය (Hypertension), ඇන්ජයිනා, හෘද ආබාධයකින් පසුව හා arrhythmias සදහායි. Atenolol සඳහා දිගු අර්ධ ආයු කාලයක් (long half-life) ඇත. සාමාන්‍යයෙන් පැය 24 ක්‍රියාත්මක වේ.

එය දිනකට වරක් පමණක් ලබාදිය හැකි ඖෂධයකි. මෙය දිනපතා බාවිතයට පහසු වන අතර, දිගුකාලීන රුධිර පීඩන පාලනය සඳහා ප්‍රමුඛතම පිළිවෙත් වශයෙන් භාවිතා වේ.

E. Beta blockers, beta ග්‍රහණකාරක අවහිර කිරීමෙන් ක්‍රියාකරයි. Beta 1 ග්‍රහණකාරක, හෘදයේ පිහිටා ඇත.

මෙම ග්‍රහණකාරක ඇඩ්‍රිනලින් සහ නෝරඇඩ්‍රිනලින් මඟින් උද්දීපනය වේ, එවිට හෘද ස්පන්දන වේගය හා ශක්තිය වැඩි වේ. බීටා-1 ග්‍රහණකාරක අවහිර කිරීමෙන් SA Node (සහජ pacemaker) ක්‍රියාකාරීත්වය අවම වේ → හෘද ස්පන්දන වේගය අඩුවේ, AV Node conduction ද අඩු වීම සිදුවේ, Sympathetic stimulation (උද්දීපනය) අඩුවී, ව්‍යායාම හා ආතතියේදී හෘදය වේගයෙන් ක්‍රියා නොකරයි. ඒ හේතුවෙන්, මේවා හෘද ස්පන්දනය අඩු කරයි. මෙය Bradycardia (මන්ද හෘද ස්පන්දනය) ලෙස හැඳින්වේ.